15976 BM WEB BANNER 01
Feb 15, 2017

දකුණු අප්‍රිකාවෙන් 10ක් ශ්‍රී ලංකා පිලට

ඔස්ට්‍රේලියානු සංචාරයට එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට නම්කර ඇති ක්‍රීඩකයන් දසදෙනෙකු එම පිලට එක්වූයේ දකුණු අප්‍රිකාවේ සිට කෙළින්ම ඕස්ට්‍රේලියාවට යාමෙනි.
 
නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, සීක්කුගේ ප්‍රසන්න, අසේල ගුණරත්න, උපුල් තරංග, නුවන් කුලසේකර, සචිත් පතිරණ, ඉසුරු උදාන, විකුම් සංජය හා ලක්ෂාන් සඳකැන් එසේ කණ්ඩායමට එක් වූහ.
 
චාමර කපුගෙදර, මිලින්ද සිරිවර්ධන, දසුන් ශානක, දිල්ෂාන් මුණවීර හා ලසිත් මාලිංග එම කණ්ඩායමට එක්වීමට ඊයේ (14) ශ්‍රී ලංකාවෙන් නික්ම ගියහ.
 
එසේ නික්ම ගිය සය දෙනා මෙසේ සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටියහ.
Selfy
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top