Feb 21, 2017

සංගා, මයියා, ගේල් ලාහෝර් යන්න බෑ කියයි

මෙවර පකිස්තානු සුපිරි ලීග් තරගාවලියේ (PSL) අවසන් මහා තරගයට සහභාවී වීමට ලාහෝරයට යා නොහැකි බව සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙකු පවසා තිබේ.

මෙම තරගයට ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කර ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් ජාතික ක්‍රිස් ගේල් හා ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයන් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන ය.

ඔවුන් ක්‍රීඩා කරන්නේ කරච්චි කිංග්ස් පිළටයි.

පසුගිය දිනවල පකිස්තානයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මීට හේතු වී ඇතැයි එරට පුවත් සේවා සඳහන් කරයි.

තරග සංවිධායකයන් විසින් දැවැන්ත මූල්‍ය ප්‍රතිලාභ ලබාදීමට ඉදිරිපත් වී තිබුනද මොවුන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම තරගාවලියේ අවසන් මහා තරගය ලාහෝරයේ පැවැත්වීමට මුලින් තීරණයක් නොතිබුණද PSL තරගාවලියේ සභාපතිවරයා හා කණ්ඩායම් වල අයිතිකරුවන් අතර පසුගියදා පැවැත්වුණු හමුවකදී එම තරගය ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගනයේ පැවැත්වීමට තීරණය කර තිබුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top