Feb 24, 2017

මහජන බැංකු යාපනය ක්‍රීඩා උළෙල සමාප්තයි

මහජන බැංකු අන්තර් ප්‍රාදේශික ක්‍රීඩා උත්සව මාලාවේ පළමු ක්‍රීඩා උළෙල පසුගියදා යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගනයේදී මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි එන්. වසන්ත කුමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී පාපන්දු, වොලිබෝල්,  දැල්පන්දු, මළල ක්‍රීඩා ඉසව් හා කඹ ඇදීමේ තරග මෙන්ම විනෝදාත්මක ක්‍රීඩාද පැවැත්විණි.  

මෙම ක්‍රීඩා උළෙලට සහභාගි වූ මහජන බැංකුවේ අනුරාධපුර, පොළොන්නරුව යාපනය සහ වන්නි ප්‍රාදේශිකයන් අතරින් පාපන්දු ශූරතාවය වන්නි ප්‍රාදේශිකයට ද, වොලිබෝල් ශූරතාවය පොළොන්නරුව ප්‍රාදේශිකයට ද, දැල්පන්දු ශූරතාවය අනුරාධපුර ප්‍රාදේශිකයට ද හිමිවිය.

පොළොන්නරුව ප්‍රාදේශිකය විසින් පිරිමි කඹ ඇදීමේ ශූරතාවය ද වන්නි ප්‍රාදේශිකය විසින්  කාන්තා කඹ ඇදීමේ ශූරතාවය දිනාගැනීමට සමත් විය.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරිත්වය සහ මහජන බැංකු කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් සහභාගී විය.

Jaffna

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top