Feb 28, 2017

හේරාට ටෙස්ට් නායකත්වය

ලබන මාසයේදී බංගලාදේශයට එරෙහිව පැවත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම් නායකයා ලෙස රංගන හේරත් කටයුතු කරණු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කරයි.

 හේරත් ගේ නායතක්වය යටතේ පසුගිය වසරේදී සිම්බාබ්වේ පිළිට එරෙහි පැවති තරගාවලියද ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

 මේ අතර, පළමු පෙළ ක්‍රිකට් තරග වල ජනප්‍රිය හා දක්ෂ වමත් දඟපන්දු යවන්නෙකු වන මලින්ද පුෂ්පකුමාර හට මෙම තරගාවලියේ දී ටෙස්ට් වරම් හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිදුරටත් සඳහන් කරයි.

 කෙසේවෙතත්, මෙම තරගාවලිය සඳහා සහභාගී වන සම්පූර්ණ කණ්ඩායම තවමත් නිවේදනය කර නැත.

බංගලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය මාර්තු 07 දා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top