15976 BM WEB BANNER 01
Mar 06, 2017

ගුරාගේ කෙරුවාව පිංපඩි කාරයින් හමාර කරයි ? Featured

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නව කළමනාකරු ලෙස 1996 ලෝක ශූර ක්‍රිකට් පිලේ අංක තුන පිතිකරු අසංක ගුරුසිංහ පත් කිරීමත් සමඟ ක්‍රිකට් පිලේ කළමනාකරුවන් ගණන තිදෙනෙකුවී තිබේ.
 
මේ තත්ත්වය හේතුවෙන් ක්‍රිකට් පිලේ පරිපාලනය කැඳහැළියක් බවට පත්වෙමින් ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
 
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පළමු කළමනාකරු වූ චරිත් සේනානායකට මේ වසරේ සැප්තැම්බර් මාසය දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කළමනාකරු ලෙස ස්ථිර පත්වීමක් ලබාදී තිබේ. ඒ සඳහා ඔහුට රුපියල් ලක්ෂ දෙකහමාරකට වැඩි මුදලක් ලබාදෙන බවද පැවසේ.
 
චරිත්, හදිස්සියේ ඉවත් කරනු ලැබුවේ ඉකුත් දකුණු අප්‍රිකානු සංචාරයට පෙරය.
 
එයද සිදුකර තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකාවට පිටත්වයාමට දින දෙකක් තිබියදීය.
 
චරිත්, ඉවත ලූ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය දකුණු අප්‍රිකානු සංචාරයට කළමනාකරු ලෙස රංජිත් ප්‍රනාන්දු පත් කළේය.
 
ඔහුටද එම කළමානාකාර ධූරයේ කටයුතු කළ හැකි වූයේ මාස දෙකහමාරකට ආසන්න කාලයකි. රංජිත් මහතාටද කළමනාකරු ලෙස සංචාරයෙන් සංචාරයට දීමනාවක් ලබාදෙන අතර එයද රුපියල් ලක්ෂ 2ක ඉල්මවන බව පැවසේ.
 
ගුරුසිංහ අදාළ ධූරයට ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 5ක දීමනාවකට බව පැවසේ.
 
මේ අනුව, ක්‍රිකට් ආයතනය කළමනාකරුවන් වෙනුවෙන් මසකට රුපියල් මිලියන 1.5කට වැඩි මුදලක් වැයකරන බවද වාර්තා වේ.
 
සබැඳි පුවත්
 
 
 
 
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top