nsb

Mar 07, 2017

හේරා තවත් ලෝක වාර්තාවක් අභියස Featured

ශ්‍රී ලංකා නායක රංගන හේරත් ලොව සාර්ථකම වමත් දඟපන්දු යවන්නා වීමේ වාර්තාව අභියසට පැමිණ සිටී.
 
මේ වන විට ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථකම වමත් දඟපන්දු යවන්නා ලෙස ඉතිහාසගත වී ඇත්තේ නවසීලන්තයේ හිටපු නායක ඩැනියල් වෙටෝරි ය.
 
ටෙස්ට් කඩුලු 357ක් දවාගෙන සිටින හේරත් හට වෙටෝරි ගේ වාර්තාව අභිබවා යාමට තවත් අවශ්‍ය ඇත්තේ කඩුලු 6ක් පමණි.
 
බංගලාදේශයට එරෙහිව පළමු ටෙස්ට් තරගය අද (මාර්තු 07) මෙරට වේලාවෙන් පෙ.ව. 10ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ.
 
ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර පැවති ටෙස්ට් තරග 16කින් තරග 14දී බංගලාදේශයට පරාජය අත්වී ඇති අතර, ඉතිරි තරග දෙක ජය පැරදුමකින් තොරව අවසන් වී තිබේ. 
 
මේ වන විට බංගලාදේශ කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩක හා හිටපු පුහුණුකරු වන චන්දික හතුරුසිංහ ය.
 
හතුරුසිංහ හා රංගන හේරත් කලක් මුවර්ස් ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් පිළට එකට ක්‍රීඩා කර තිබීම තවත් විශේෂත්වයකි.
 
අද ආරම්භ වන තරගය සඳහා කණ්ඩායම් දෙකේ සංචිත මෙසේය :
 
ශ්‍රී ලංකා සංචිතය
රංගන හේරත් (නායක), දිමුත් කරුණාරත්න, උපුල් තරංග, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, අසේල ගුණරත්න, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ඩිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, ලක්ෂාන් සඳකැන්, ළහිරු කුමාර, මාලින්ද පුෂ්පකුමාර සහ විකුම් සංජය
 
බංග්ලාදේශ සංචිතය
මුෂ්ෆිකුර් රහීම් (නායක), කම්රුල් ඉස්ලාම්, ලිටන් දාස්, මහමුදුල්ලා, මෙහෙදි හසන්, මොමිනුල් හක්, මොසදික් හසන්, මුස්ටෆිසුර් රෙහෙමාන්, රුබෙල් හුසේන්, ෂබීර් රහමන්, සකිබ් අල් හසන්, සෞම්‍යා සාර්කර්, සුබාෂිස් රෝයි, තයිජුල් ඉස්ලාම්, ටමීම් ඉක්බාල් සහ ටස්කින් අහමඩ්
 
විනිසුරුවරු
අලිම් දාර් (පාකිස්තානය) සහ මාරියස් එරැස්මස් (දකුණු අප්‍රිකාව)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top