nsb

Mar 10, 2017

බංග්ලාදේශයට දැවැන්ත ඉලක්කයක්

සංචාරක බංග්ලාදේශ පිලට එරෙහිව පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව කඩුලු 06කට ලකුණු 274ක් ලබා ගනිමින්, ලකුණු 457ක දැවැන්ත ඉලක්කයක් ලබාදෙමින් ඉනිම අත්හිටුවනු ලැබීය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මේ ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වූ අද (10) තරගය නතරකරන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශය කිසිවකු නොදැවී ලකුණු 67ක් ලබා ගත්තේය.

උපුල් තරංග (115) සිය තෙවැනි ටෙස්ට් ශතකය අද වාර්තා කළ අතර ලකුණු අතරට පිවිසීමට නොහැකිව සිටි දිනේෂ් චන්දිමාල්ද අද තරගයේදී නොදැවී අර්ධ ශතකයක් (50) වාර්තා කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top