Mar 11, 2017

වමත් විරුවාගෙන් වාර්තාවක්! සිංහයන්ට ජය

ලොව වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් ලබාගත් වමත් දඟපන්දු යවන්නා බවට පත්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් අද (මාර්තු 11) වාර්තා පොතට එක්විය.

ඔහු එම වාර්තාව තැබුවේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනයේ කඩුලු තුනක් දවා ගැනීමත් සමගය.

ලෝකයේ සාර්ථකම සහ වැඩිම ටෙස්ට් කඩුලු ලබාගත් වමත් දඟ පන්දු යවන්නා වීමේ වාර්තාවට මෙතෙක් හිමිකම් කියන ලද්දේ නවසීලන්ත ක්‍රීඩක ඩැනියෙල් විටෝරි විසිනි.

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 259 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

පළමු ඉනිම සදහා ශ්‍රී ලංකා කණ්ඩායම සියලූ දෙනා දැවී ලකුණු 494 ක් ලබාගත් අතර, එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 194 ක් ලබාගත් අතර අසේල ගුණරත්න ලකුණු 85 ක් ලබා ගැනීමට සමත්විය. පළමු ඉනිම සදහා බංග්ලාදේශ කණ්ඩායමට ලබාගැනීමට හැකි වුයේ ලකුණු 312 ක් පමණි.

දෙවන ඉනිම සදහා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 274 ක් රැස් කළහ. කෙසේවෙතත් දෙවනි ඉනිම සදහා බංග්ලාදේශ කණ්ඩායමට ලබා ගැනීමට හැකි වුයේ සියලූ දෙනා දැවී ලකුණු 197 ක් පමණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top