nsb

Apr 03, 2017

ජෝන් සීනා, නිකී ට බඳිමු කියලා! (වීඩියෝ)

ව්රෙස්ලිං ලොව ජනප්‍රිය නම් දෙකක් හා ආදරවන්තයන් යුවළක් වන ජෝන් සීනා හා නිකී බෙලා යළිත් වරක් මාධ්‍ය අවධානයට ලක්වී තිබේ.

ඒ, තමා හා විවාහ වන ලෙස ජෝන්, නිකීගෙන් ප්‍රසිද්ධියේ විවාහ යෝජනාවක් සිදුකිරීම සමගිනි.

ඔහු මෙම විවාහ යෝජනාව සිදුකර ඇත්ත් ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ඕලැන්ඩෝ හි සිට්‍රස් බෝල් ව්රෙස්ලිං වළල්ල මැදදීය.

රැස්ව සිටි 75,000ක පමණ සෙනගක ඔල්වරසන් හඬ මැද සිදුකළ මෙම විවාහ යෝජනාව නිකී විසින් පිළිගෙන තිබුණේ සතුටු කඳුළු අතරිනි. ජෝන් ගේ මෙම විවාහ යෝජනාව සිදුවූ අයුරු පහත වීඩියෝවෙන් බලන්න.

(වීඩියෝව : WWW ට්විටර් ගිණුමෙන්)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top