Apr 07, 2017

‘RTC මැජික් මිලියන්’ 16දා

රාජකීය තුරඟ තරග සමාජය (RTC) විසින් මේ වසරේ පවත්වන ලබන දැවැන්තම තරග සැනකෙළිය වන ‘RTC මැජික් මිලියන්’ තරගාවලිය අප්‍රේල් 16දා නුවරඑළියේදී පැවැත්වේ.

මෙම දිනයේදී අශ්වයන් 40 - 50 ක සහභාගීත්වයෙන් තුරඟ තරග 7ක් පැවැත්වෙනු ඇත.

සංගීතය, විලාසිතා ඇතුළු අංග රැසකින් සමන්විත වන මෙම තරගාවලිය සැනකෙළියක සිරි ගනු ඇති බව රාජකීය තුරඟ තරග සමාජයේ සභාපති පණ්ඩුක කීර්තිනන්ද මහතා පවසයි.

මීට අමතරව, රු. මිලියනයක අධික තෑගි අවස්ථාවද මෙහි හිමිනු ඇත.


 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top