Nov 03, 2016

රංගනගෙන් ශ්‍රී ලංකා වාර්තාවක්

ශ්‍රි ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත්වූ නායකයෙකු විසින් ඔහු මෙහෙයවූ පළමු ටෙස්ට් තරගය ජයගත් පළමු ශ්‍රී ලංකා නායකයා බවට වමතින් පාදග පන්දු යවන ක‍්‍රීඩක රංගන හේරත් පත්ව තිබේ.

ඒ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඊයේ (02දා) නිමාවූ පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවමිනි.

පන්දු යවන්නෙකු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත්වෙන්නේ වසර 33කින් පසුවය.

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය එළැඹෙන 06දා හරාරේ පිටියේදී ආරම්භ වීමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top