Apr 12, 2017

ජපානයේ ස්කේටින් තරුව විශ්‍රාම යයි

අයිස් මත ලිස්සා යාමේ Figure Skating අංගයෙන් තෙවරක් ලෝක ශූරතා දිනාගත් ජපානයේ මාඕ අසඩා සිය ක්‍රීඩා වෘත්තියට සමුදීමට තීරණය කර තිබේ.

ඇය සිය තීරණය පසුගිය 10 දා නිවේදනය කර තිබුණි.

තෙවරක් ලෝක ශූරිය ලෙස කිරුළු පැළඳුවද ඇය කිසිදිනක ඔලිම්පික් රන් පදක්කමක් දිනාගැනීමට සමත් නොවූවාය.

පසුගිය දෙසැම්බරයේදී පැවති ජපානයේ ජාතික ශූරතාවලියේදී ද ඇයට හිමිවූයේ 12 වැනි ස්ථානයයි.

තවදුරටත් තරගකිරීමට අභිප්‍රේරණයක් නොමැති වීම හේතුවෙන් තමා මෙම තීරණයට එළැඹි බව මාඕ පවසා තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top