15976 BM WEB BANNER 01
Apr 18, 2017

ගුරා ෆෝඩ්ගේ කණකොකා වෙයි ?

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් ගේ ධූර කාලය අවසන් වෙමින් පවතින්නේ දැයි මේ වන විට සැකයක් මතුව තිබේ.

කණ්ඩායමේ නව කළමනාකරු ලෙස එක්වුණු අසංක ගුරුසිංහ පසුගියදා බංගලාදේශයට එරෙහිව දඹුල්ලේ පැවති තරගයේදී ෆෝඩ් ට වඩා කැපී පෙනීම හේතුවෙන් මෙම සැකය මතුව තිබේ.

සන්ඩේ ටයිම්ස් පුවත්පත වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් හි හිටපු අතුරු කමිටු සභාපති සිදත් වෙත්තමුණි පවසා ඇත්තේ මේ තත්ත්වය හේතුවෙන් තමා කණස්සල්ලට තුඩු දෙන ලකුණු දකින බවයි.

“පිතිකරුවෙක් විදියට අසංක ගුරුසිංහ ට මං හුඟක් ගරුකරනවා. ඒත්, දඹුල්ල තරගයේදී පිටිය මැද ඉඳන් සනත් ජයසූරිය ත් තව ක්‍රීඩකයන් දෙන්නෙක් එක්ක කතාබස් කරන විදිය මං දැක්කා. පුහුණුකරු අහලකවත් හිටියේ නෑ. මට ප්‍රශ්ණයක් පේනවා,” යැයි ඔහු සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා තිබේ.

“මෙහෙමයි. පුහුණුකරුවෙකුත් කළමනාකරුවෙකුත් ඉන්නවා. ඒත් ඔවුන් ගේ කර්තව්‍යයන් පැහැදිලිව වෙන්කරලා තියෙනවා ද කියලා මං දන්නෑ. මට පේන විදියට, මං සැකකරනවා විතරයි… ග්‍රැහැම් ෆෝඩ් වැඩිකල් රැඳෙන එකක් නෑ වගේ. වෙන කෙනෙක් ක්‍රිකට් තීරණ ගන්නවා බලාගෙන ඉන්න වෙනවා නම් එයාත් සතුට වෙන එකක් නෑ.”

“ඉතිං අපි කොහෙද මේ යන්නෙ? මේක ඉස්සරහට යන්න හරි පාරද? පැලැස්තර ගහලා ක්‍රීඩාව දියුණු කරන්න බෑ. ඒකට ස්ථිර වැඩපිළිවෙළක් ඕනෙ වෙනවා. අපි සමහර දේවල් කරන්නෙ ඇයි කියලා දැනගෙන ඉන්න ඕන. ඒ නිසා මට කණස්සල්ලුදායක ලකුණු පේනවා.”

වත්මන් ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය අඳුරුවෙමින් පවතින බවත්, මෙරට ක්‍රිකට් පද්ධතියම සම්පූර්ණයෙන්ම නිවැරදිකළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

“අප රටේ ජනතාව එකට බැඳ තබන එකම දේ ක්‍රිකට් බව ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා තේරුම් ගන්නේ නම්… යුද්ධයක්, අසීරු කාල වලදී එක දැයක් ලෙස නැගී සිට ක්‍රිකට් ක්‍රීඩාව තුළ විශ්මිත දේ සිදුකිරීමට අප සමත්වූවා…  එබැවින් මෙය කඩාවැටීමට ඔවුන් ඉඩනොදිය යුතුයි,” යැයි ඔහු අවසන් වශයෙන් පවසා තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top