nsb

Apr 25, 2017

ඩිල්ෂාන්ගේ වරෙන්තුව ඉවතට(update)

ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක  තිලකරත්න ඩිල්ෂාන්ට එරෙහිව නිකුත් කළ වරෙන්තුව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අත්හිටුවා තිබේ.

ඒ තිලකරත්න ඩිල්ෂාන් මෝසමක් ගොනු කරමින් නීතීඥයෙකු හරහා අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුවය.

තිලකරත්න ඩිල්ෂාන්ගේ පෙර විවාහයේ බිරිඳ විසින් ගොනුකළ නඩත්තු නඩුවකට අදාලව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට ඊයේ (24දා) දින මෙලෙස වරෙන්තු නිකුත් කෙරුණි.

මෙම නඩුව යළි මැයි 31 වැනිදා විභාගයට ගැනීමට නියමිතයි.

update- 12.15pm

-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

ඩිල්ෂාන් දුටු තැන අල්ලන්න කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා විසින් ඊයේ (24) වරෙන්තු නිකුත් කළේය.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවන නඩත්තු නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් මහෙස්ත්‍රාත්වරයා මෙසේ වගඋත්තරකාර ක්‍රිකට් ක්‍රිඩක තිලකරත්න ඩිල්ෂාන් මහතාට වරෙන්තු නිකුත් කළේය.

නඩත්තු නඩුව කැඳවු අවස්ථාවේ දී වගඋත්තරුකරු අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් ඇපකරු හෝ පෙනී නොසිටි අතර අදාළ නඩත්තු මුදල් ගෙවීම් පසුගිය මාසයේ ද පැහැර හැර ඇති බව අධිකරණයෙදී අනාවරණය වී තිබේ.

වගඋත්තරකාර තිලකරත්න ඩිල්ෂාන්ට වරෙන්තු නිකුත් කළ මහෙස්ත්‍රාත්වරයා ඇපකරුට නොතීසි නිකුත් කරමින් නඩුව යළි කැඳවීම මැයි මස 24 වැනිදාට කල් තබා තිබේ.

මේ නඩුවට පැමිණීම මීට පෙරද ඩිල්ෂාන් විසින් මඟහැර තිබූ අතර එවරද ඔහුට එරෙහිව වරෙන්තු නිකුත්කර තිබිණි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වන්නේ  ඩිල්ෂාන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරු අවස්ථා හතකදී මාරු වී ඇති බවයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top