Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Apr 27, 2017

සුගත් තිලකරත්න හැංගිමුත්තන් කෙළිනවා ? Featured

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති සුගත් තිලකරත්න මහතා 2015-16 අභ්‍යන්තර විගණන වාර්තාවට අත්සන් නොකොට කට්ටිපනිමින් සිටින බවට මලක්‍රීඩා සංගම් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ වාර්තාව පසුගිය සඳුදා (24) විගණකාධිපති දෙපාර්තමේන්තුවට භාරදී අනුමැතිය ලබා ගැනීමට සියල්ල සූදානම් කර තිබී ඇති අතර අඩුවකට තිබී ඇත්තේ එම සංගමයේ සභාපතිවරයාගේ අත්සන ලබාගැනීම පමණකි.

ඒ අනුව සුගත්ගේ අත්සන ලබා ගැනීමට එම ලිපි ගොනුව ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්වෙන මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට රැගෙන ගොස් තිබේ.

කෙසේවුවද, එදින දවස පුරා සභාපතිවරයා ක්‍රීඩාංගණය හතර මායිමට පැමිණ නොමැති ඇති අතර ඔහුව දුරකථනය ඔස්සේ ද සම්බන්ධකර ගැනීමට නොහැකිවී ඇත.

අදාළ, තත්ත්වය හේතුවෙන් එම ලිපිගොනුව විගණකාධිපති දෙපාර්තමේන්තුවට භාරදීමට නොහැකි වී තිබේ.

පසු දින එම ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහකයන්ට ප්‍රදනය කිරීමට නියමිත සහතිකපත්වලට සභාපතිවරයා අත්සන් කළ යුතු බැවින් ඔහු අනිවාර්යයෙන්ම පැමිණෙනු ඇතැයි සංගමයේ සෙසු නිලධාරීන් අපේක්ෂා කළ ද එදින ද ඔහු එහි පැමිණ නොමැති බව පැවසේ.

කෙසේවුවද, සුගත් රහසේ ක්‍රීඩාංගණයට මඳක් ඈතින් තම රථය නතර කොට හිතවතකුගේ මාර්ගයෙන් අදාළ සහතික පත් තමන්ගේ රථයට ගෙන්වාගෙන අත්සන් කොට පලාගොස් තිබූ බව වාර්තා වේ.

මැයි 08 වැනි දා පැවැත්වීමට නියම කර ඇති මලල ක්‍රීඩා සංගමයේ නිලවරණය එදින පැවැත්වීමට නොහැකි වන පසුබිමක් නිර්මාණය කිරීම ඔහුගේ මේ ක්‍රියාවෙන් මනාව පැහැදිලි වන්නේ යැයි දියගම ක්‍රීඩාංගණයේ සිටින ක්‍ෂේත්‍රයට සම්බන්ධ ප්‍රවීනයන්ගේ මතය වී තිබේ.

ඒ අනුව සුපිරි ගණයේ මලල ක්‍රීඩකයකු වූ සභාපතිවරයාගේ සහභාගිත්වයෙන් තොරව මෙම තරගාවලිය පැවැත්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට සිදුව ඇත.

තරගාවලියට කාල සටහන් දෙකක් දාල අවුල් ජාලයක් මවලා

මේ අතර මෙම තරගාවලිය වෙනුවෙන් කාලසටහන් දෙකක් සකස්කොට තිබීම හේතුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක්ම තමන්ගේ තරග ඉසව්වන්ට සහභාගි වීම සඳහා ක්‍රීඩාංගණයට පැමිණෙන විට එම ඉසව් පවත්වා අවසන් කොට පදක්කම් හා සහතිකපත් ද පිරිනමා තිබුණු බව වාර්තා වේ.

මෙම කාලසටහන් ගැටලුව නිසා තරග ඉසව් මගහැරුණු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සැනසීම වෙනුවෙන් ඔවුනට තරග කිරීමේ අවස්ථාව පසුව ලබා දී ඇතත් එය අදාළ ගැටලුව තවත් අවුල් කර තිබූ බවද පැවසේ.

මීට අමතරව ජාතික ‍‍‍ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ භාරකාරත්වය සංගමයේ ‍ලේකම්වරයාට ද කනිෂ්ඨ තරගාවලියේ භාරකාරත්වය උප ‍ලේකම්වරයාට ද සංගමයේ ව්‍යවස්ථාවට අනුව පැවරී ඇතත් මෙම තරගාවලිය පැවැති එකම දිනක හෝ උප ‍ලේකම්වරයා ක්‍රීඩාංගණයට පැමිණ නැතැයිද වාර්තා වේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top