May 03, 2017

චැම්පියන්ස් කුසලානයේදී මාලිංගගෙන් පන්දුවාර 10ක්

චැම්පියන්ස් කුසලාන තරගාවලියේ ආරම්භය උදාවන විට තරගයකදී පන්දුවාර 10 බැගින් පන්දුයැවීමට ලසිත් මාලිංග හට හැකි වනු ඇති බවට මූලික ඉඟි පළව ඇතැයි ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් පවසයි.

ක්‍රික්ඉන්ෆො වෙබ්අඩවිය වෙත අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ මෙසේය.

“ඔහු 100%ක් ම ශාරිරික සුවතාවයෙන් පසුවනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. IPL තරගාවලියට යාමට පෙර ඔහු පුහුණුකටයුතු වලදී දැක්වූ උනන්දුව හේතුවෙන් මට දැඩි විශ්වාසයක් ඇතිවුණා. මට ලැබුණු සියළු වාර්තා ඉතා සුභදායකයි. මුම්බායි ඉන්ඩියන්ස් පිළේ පුහුණුකරු වන මහේල සමගත් මා දෙතුන්වරක් කතාබස් කළා. මුම්බායි ඉන්ඩියන්ස් පිළේ එක් තරගයකට මාලිංග සහභාගී නොවුණු අවස්ථාවේදී මා ඉක්මනින් මහේල ව අමතා අසා සිටියේ කුමක් හෝ ගැටළුවක් තිබේ ද යන්නයි. මහේල පවසා සිටියේ මාලිංග සම්බන්ධයෙන් ගැටළුවක් නැති වුනත්, තරගාවලිය ජයගැනීමට අපේක්ෂා කරන මුම්බායි ඉන්ඩියන්ස් පිලට ඔහුව තරගාවලිය අවසානය දක්වා ම අවශ්‍ය බවයි. විවේකයක් වැදගත් කරුණක්. මා දකින ලෙස ඔහු චැම්පියන්ස් කුසලානය අතරතුරදී විශේෂ යමක් සිදුකරාවි. ඒ සඳහා ඔහු ඉන්නේ දැඩි අධිෂ්ඨානයක.”

විවිධ ආබාධ වලට ලක්වූ මාලිංග චැම්පියන්ස් කුසලානය ඔස්සේ යළි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසෙන්නේ 2015 නොවැම්බර් මාසයෙන් පසුවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top