15976 BM WEB BANNER 01
May 09, 2017

මහේල, ලැන්කෂයර් පිලට

එංගලන්තයේ දී පැවැත්වීමට නියමිත “NatWest T20 බ්ලාස්ට්” පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක - මහේල ජයවර්ධන එක්කර ගැනීමට ලැන්කෂයර් ප්‍රාන්තය තීරණය කර තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ ඔහු මෙම තරගාවලිය සඳහා දේශීය ක්‍රීඩකයෙකු ලෙස ලැන්කෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජය නියෝජනය කිරීමය. මහේල ගේ බිරිඳ ඩෙන්මාර්ක සම්භවයක් සහිත බැවින් ඔහු විදේශීය ක්‍රීඩකයෙකු ලෙස නොසැළකීමට ලැන්කෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජය තීරණයකර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

ලබන ජුලි මාසයේ පටන් 2017 නැට්වෙස්ට් විස්සයි විස්ස තරගාවලිය නිමවනතුරු ලැන්කෂයර් පිල වෙනුවෙන් මහේල ක්‍රීඩා කරනු ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top