15976 BM WEB BANNER 01
May 22, 2017

මාලිංගගේ පිල යළි IPL ශුරයෝ වෙති !

දහවැනි වරටත් පැවැත්වෙන අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිල එක් ලකුණකින් පරාජයට පත් කළ මුම්බායි ඉන්දියන්ස් පිල එහි ශූරතාව දිනාගත්තේය.

මුම්බායි ඉන්දියන්ස් පිල එහි ශූරතාව දිනූ තෙවැනි අවස්ථාව මෙය වේ. තරගයේ තිරණය විසඳුන අවසන් පන්දුවාරයේ දක්ෂ පන්දු යැවීමක නිරතවීමට මිචෙල් ජොන්සන් සමත් විය.

රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිලට ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාරයට ලකුණු 11ක් රැස්කරගතයුතුව තිබිණි.

කාසියේ වාසිය දිනා පළමු පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් පිලට පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 129 ක් පමණි.

කෙසේවුවද, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිලට සිය පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකිවූයේ කඩුලු 6ක් දැවී ලකුණු 128ක් පමණි.

මුම්බායි ඉන්දියන්ස් - පන්දුවාර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 129
(රෝහිත් ශර්මා 24, කෘනල් පාණ්ඩ්‍යා 47, ජෙයිදේව් උනද්කට් 19/2, ඇඩම් සම්පා 32/2, ඩැනියල් ක්‍රිස්ටියන් 34/2)

රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් - පන්දුවාර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 128
(අජින්ක්‍යා රහනේ 44, ස්ටීවන් ස්මිත් 51, මිචෙල් ජොන්සන් 3/26, ජස්ප්‍රිට් බුම්රා 26/2)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top