May 22, 2017

ලංකාව ස්කොට්ලන්තයටත් පරදියි !

ලසිත් මාලිංග නොමැතිව ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල චැම්පියන්ස් කුසලානයට පෙර ඊයේ (21) පැවැති පුහුණු තරගයෙන් කඩුලු 7ක අන්ත පරාජයක් ලැබීය.

ස්කොට්ලන්තය වෙතින් ශ්‍රී ලංකාව පරාජයට පත් පළමු අවස්ථාව මෙයවන අතර, ස්කොට්ලන්තය අයි.සී.සී. පූර්ණ සාමාජික රටක් පරාජයට පත් කළ පළමු අවස්ථාව ද මෙය වේ.

කෙසේවුවද ජාත්‍යන්තර එක්දින පිටියක මේ තරගය නොපැවති බැවින් අදාළ පරාජය නීත්‍යානුකූල තත්ත්වයක පවතීද යන්න පිළිබ

මුලින්ම පන්දුවට පහරදෙමින් ශ්‍රී ලංකා පිල පන්දුවාර 49.5කදී සියලුදෙනා දැවී රැස්කළ ලකුණු 287ක ඉලක්කය ප්‍රතිවාදී ස්කොට්ලන්ත පිතිකරුවන් පන්දුවාර 42.5කදී කඩුලු 3ක් පමණක් දැවී අදාළ ඉලක්කය සම්පූර්ණ කිරීමට සමත්වූහ.

මෙහිදී නායක කයිල් කෝට්සර් ලකුණු 118 ක් ද, මැතිව් ක්‍රොස් ලකුණු නොදැවී 106 ක් ද වාර්තා කිරීමට සමත් විය. ඔවුන් දෙදෙනා අතර ලකුණු 201 ද සබඳතාවයක් පැවතුණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කිරීමට සමත්වූයේ දිනේෂ් චන්දිමාල් ය.ඔහු ලකුණු 79ක් රැස් කළ අතර, චාමර කපුගෙදර ලකුණු 71ක් හා කුසල් පෙරේරා ලකුණු 57ක් ද ලබාගැනීමට සමත් විය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top