15976 BM WEB BANNER 01
May 23, 2017

සංගා, පළමු පෙළටත් ආයුබෝවන් කියන්න යයි !

එංගලන්තයේ මේ වන විට පැවැත්වෙන ප්‍රාන්ත ක්‍රිකට් තරගවාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ හිටපු නායක කුමාර් සංගක්කාර පළමු පෙළ ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

මේ වන විට සරේ පිලට ක්‍රීඩා කරන සංගක්කාර පසුගියදා පළමු පෙළ ක්‍රිකට් තරගවල ලකුණු විසිදහසේ සීමාව පසු කිරීමටද සමත් වූ අතර, එවැනි දස්කමක් දැක්වූ පළමු ශ්‍රී ලාංකිකයා ද විය.

බීබීසී ක්‍රීඩා අංශය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ මෙසේය. “වළක්වන්න බැරි දේවල් එක්ක ගැටෙන්න අපි උත්සහකරනවා ඒත් ඉදිරියෙන් සිටින වෙලාවකදී ඉවත්වෙන්න ඕනෙ…  මේ, ලෝඩ්ස් පිටියේ දවස් 04ක තරගයක් සෙල්ලම් කරන අන්තිම වතාව…  තව මාස 04කින් මට 40යි. මේ ප්‍රාන්ත ක්‍රිකට් වල මගේ අන්තිම කාලෙ…”

වසර 2018 දී පවා පන්දුවාර විස්සයි විස්ස තරගාවලි සඳහා සංගක්කාර, ගිවිසුම්ගත වී ඇති නමුත් ඔහු පවසන්නේ,”මගේ වෘත්තියට තව මාස කිහිපයක් තියෙන්න පුළුවන් ඒත් ඊට පස්සෙ එච්චරයි.”

වසර 2014 පන්දුවාර විස්සයි විස්ස කුසලානය ජයගැනීමෙන් පසුව සංගක්කාර අන්තර්ජාතික විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදුන් සංගක්කාර, 2015 ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව එක් දින ක්‍රිකට් දිවියෙන් ද සමුගත්තේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top