15976 BM WEB BANNER 01
May 30, 2017

සංගා ට ශතක වාර්තාවක් මිස් වෙයි

මේ වන විට සරේ පිල වෙනුවෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලංකාවේ හිටපු නායක කුමාර් සංගක්කාර හට ඊයේ දිනයේදී (29) පළමු පෙළ ක්‍රිකට් වාර්තාවක් මගහැරුණි.

ඊයේ වන විට පිටපිටම පළමු පෙළ ශතක 5ක් වාර්තා කළ සංගක්කාර, පිටපිටම ලබාගත් පළමු පෙළ ශතක වැඩිම ප්‍රමාණය සඳහා වූ වාර්තාව අභියස සිටියේය.

කෙසේවෙතත්, ලකුණු 84ක් ලබාගෙන සිටියදී ටොම් වෙස්ලි ගේ පන්දුවකට දැවී ගිය සංගක්කාරට මෙම වාර්තාව අහිමිවිය.

මේ වන විට පළමු පෙළ තරග වලදී පිටපිටම වාර්තා වූ වැඩිම ශතක ප්‍රමාණය 6ක් වන අතර, සී.බී. ෆ්‍රයි (1901, දොන් බ්‍රැඩ්මන් (1938-39) හා මයික් ප්‍රොක්ටර් (1970-71) විසින් මෙම වාර්තාව සමව උසුලයි.

මේ වන විට සංගක්කාරට අමතරව එවර්ටන් වීක්ස් (1955-56), බ්‍රයන් ලාරා (1993-94), මයික් හසී (2003) හා පාර්තිව් පටෙල් (2007-08) ද පිටපිටම පළමු පෙළ ශතක 5ක් වාර්තා කිරීමට සමත් වී තිබේ.

එංගලන්තයේ මේ වන විට පැවැත්වෙන ප්‍රාන්ත ක්‍රිකට් තරගවාරයෙන් පසුව සිය පළමු පෙළ ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කළ බව සංගක්කාර පසුගියදා පවසා තිබුණි.

සබැඳි පුවත් :
සංගා, පළමු පෙළටත් ආයුබෝවන් කියන්න යයි !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top