15976 BM WEB BANNER 01
Jun 01, 2017

මැතිව්ස්ට පරණ ලෙඩේ !

එංගලන්තයේදී අද (01) ආරම්භවන අයි.සී.සී. ශූරයන්ගේ තරගාවලියට අදාළව ලබන සෙනසුරාදා (03) ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පළමු තරගයට ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ සහභාගීත්වය අවිනිශ්චිත බව වාර්තාවේ.

ඒ ඔහුගේ පාදයේ හටගන ඇති ආබාධයක් හේතුවෙනි.

කෙසේවුවද, මැතිවුස් අදාළ පාදයේ ආබාධයෙන් පෙළෙන්නේ පසුගිය දකුණු අප්‍රිකානු සංචාරයේ සිටය.

ඒ හේතුවෙන් ඔහුට ඉකුත් බංග්ලාදේශ සංචාරයට ක්‍රීඩා කිරීමට ද නොහැකි විය.

දකුණු අප්‍රිකාව අතර තරඟයේ නායකත්වය බොහෝදුරට උපුල් තරංගට හිමිවනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග සදහන් කරයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top