nsb

Nov 09, 2016

මාලිංග කන්ට්‍රැක්ට් එක එපා කියයි Featured

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට ලබාදී ඇති වාර්ෂික කොන්ත්‍රාත්තුව ඔහු විසින් ප්‍රතික්ෂේප කොට ඇතැයි වාර්තා වේ.

මාස 11 ක පමණ කාලයක් රට වෙනුවෙන් ක්‍රීඩා නොකිරීම හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන ඇති බවද පැවසේ.

එවන් තත්වයක් තුළ තමා ක්‍රිකට් කොන්ත්‍රාත්තුව බාර ගැනීම හරහා තවත් ක්‍රීඩකයෙකුට අසාධාරණයක් වන බව මාලිංග පවසා ඇත.

ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සුදුසු මට්ටමට පැමිණියහොත් ඊළග කොන්ත්‍රාත්තුවේදී තමාව සලකා බලන ලෙස මාලිංග ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක්ද කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top