Jun 06, 2017

ඉන්දියාවට මාව නඩත්තු කරන්න බැරි වේවි - වෝන් Featured

තමාගේ පුහුණුකරු ගාස්තු ඉතා මිල අධික බැවින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට තමාව පුහුණුකරුවෙකු ලෙස තබාගැනීමට හැකි වෙතැයි නොසිතන බව ඕස්ට්‍රේලියාවේ හිටපු දඟපන්දු යවන්නෙකු වන ෂේන් වෝන් පවසයි.

මේ වන විට පැවැත්වෙන චැම්පියන්ස් ශූරතාවයෙන් පසුව හිස් වන ඉන්දීය ක්‍රිකට් පිලේ පුහුණුකරු ධූරය සඳහා යෝජනා වී ඇති නම් අතරට ෂේන් වෝන් ගේ නම ද එක් ව තිබේ.

“මගේ ගාස්තු ගොඩක් වැඩියි. මං හිතන්නෑ ඔවුන්ට මාව ගන්න පුළුවන් වෙයි කියලා. මටත් විරාට් කෝලි ට ත් හොඳ සම්බන්ධයක් ගෙන යන්න පුළුවන්. ඒත් මං කලින් කිව්වා වගේ මගේ ගාස්තු වල මිල අධිකයි,” යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top