Jun 09, 2017

මුරලි, ICC ක්‍රිකට් විශිෂ්ටතමයන් අතරට (වීඩියෝ)

ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඊයේ (08) දිනයේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විශිෂ්ටතමයන් (ICC Hall of Fame) අතරට එක්විය.

මෙය, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ක්‍රිකට් ක්‍රීඩකයෙකු හට පිදෙන ඉහළම ගෞරවයයි.

ඊයේ (08) පැවති ඉන්දු – ශ්‍රී ලංකා තරගය අතරතුරදී උදාවූ මෙම සුවිශේෂී අවස්ථාවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී - ඩේවිඩ් රිචර්ඩ්සන් එක්වූ අතර, එම මොහොත පහත දැක්වේ.

මෙහිදී අදහස් දක්වමින් මුරලිදරන් පවසා ඇත්තේ මෙම ගෞරවයෙන් පිදුම්ලැබීම පිළිබඳව ඉතා ආඩම්බර වන බවයි. ජීවිතය පුරාවටම අගය කරන මෙම මොහොත ලබාදීම පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට ස්තූති කරන බවද මුරලිදරන් වැඩිදුරටත් පවසා තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top