Jun 12, 2017

බෝල්ට්, මව්බිමේ ධාවන පථයට සමුදෙයි (වීඩියෝ)

සිය ජන්මභූමිය වන ජැමෙයිකානු පොළොවේ සහභාගී වෙන අවසන් මීටර් සියයේ කෙටි ධාවන තරඟය ජයගැනීමට ජගත් ධාවන ශූර යුසේන් බෝල්ට් (Usain Bolt) ඊයේ (11) සමත් විය.

ඔහු මෙම තරගය නිම කළේ තත්පර 10.03 කාලයකිනි.

ඔහු වෙනුවෙන් ජයහඬ නැගීමට දස දහස් සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන් පිරිසක් එක්රැස්ව සිටි අතර, මෙම අවස්ථාවට ජැමෙයිකාවේ අගමැතිවරයා සහ ලෝක මලල ක්‍රීඩා සම්මේලනයේ සභාපති සෙබස්තියන් කෝ එක්ව සිටියහ.

ඔහු තරගය ජයගත් අයුරු මෙසේය.


තරගය ජයග්‍රහණය කළද මීටර් 100 ධාවන පථයෙහි තමා කිසිදාක මේ අයුරින් දැඩි මානසික කැළඹීමකට පත්ව නැති බව ඔහු පසුව සඳහන් කළේය.

ඔලිම්පික් රන් පදක්කම් අටක් දිනා සිටින බෝල්ට්, ලබන අගෝස්තු මාසයේ ලන්ඩන් නගරයේ පැවැත්වෙන ලෝක ශූරතා තරඟාවලියෙන් අනතුරුව ක්‍රීඩාවෙන් සමුගැනීමට අදහස් කර සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top