Jun 24, 2017

ක්‍රිකට් පුහුණුකරු පැදුරටත් නොකිය ගිහින්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ග්‍රැහැම් ෆෝර්ඩ් සිය සිවුවසරක කොන්ත්‍රාත් කාලය  අවසන්වීමට ප්‍රථම එම තනතුර අතහැර දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තාවේ.

 
ඔහුගෙන් හිස්වන පුරප්පාඩුව සඳහා දැනට ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු නික් පොතාස් පත් කර ඇති අතර හෙතෙම එළඹෙන සිම්බාබ්වේ කිකට් සංචාරයේ දී අන්තර්වාර පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.

ග්‍රැහැම් ෆෝර්ඩ් නැවත සිය තනතුරේ වැඩ කිරීම සඳහා පැමිණීම සැක සහිත බව නම සඳහන් කිරීමට අකමැති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් පැවසීය.

” ඔහු ඉල්ලා අස්වීමේ ලිපියක් හෝ බාර දී නැහැ. ඔහු බොහෝවිට එන එකක් නැහැ. දුරකථන ඇමතුමකටවත් ඊමේල් පනිවුදයකට වත් ප්‍රතිචාරයක් නැහැ” යයි හෙතෙම පැවසීය.

කළමනාකරු අසංක සමඟ ගැටුම්

ඉන්දියාව සමඟ පැවති තරගයට ප්‍රථම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමුකරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ සමග ගැටළු පවතින බව ග්‍රැහැම් ෆෝර්ඩ් ප්‍රකාශ කර තිබේ.

ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා ඇත්තේ තම ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු පත්කිරීම සඳහා වූ ප්‍රතිපත්තිමය තීරණය වෙනස් නොකරන බවය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2019 ලෝක කුසලානය තෙක් සිව් අවුරුදු කාලයක් සඳහා ග්‍රැහැම් ෆෝර්ඩ් සමඟ කොන්ත්‍රාත්තුවකට එළඹ ඇති අතර එය නිමා වන තෙක් රැඳී සිටින ලෙස ග්‍රැහැම් ෆෝර්ඩ් ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා ඇත.

ශුරයන්ගේ කුසලාන ශ්‍රී ලංකාවට පැමිණ ග්‍රැහැම් ෆෝර්ඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සාකච්ඡා ආරම්භ කළ අතර එම සාකච්ඡා අතරතුරේදී කිසිවෙකුටත් නොදන්වා ඔහු දකුණු අප්‍රිකාව බලා පිටත්වී තිබේ.

(radiogagana)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top