Jun 26, 2017

බැට් කරන්න කලින් පොත් කියවන කැප්ටන් කූල්

තරගයක් අතරතුර විශේෂයෙන් ලෝක කුසලාන තරගයක් අතරතුරදී පීඩනය යනු ඉතා තීව්‍ර වන කරුණකි.

එහෙත් මේ දින වල පැවැත්වෙන කාන්තා ලෝක කුසලානයේ ඉන්දියාව හා එංගලන්තය අතර පසුගිය සෙනසුරාදා දින පැවති තරගයේදී තරග පීඩනයට ඉතා සන්සුන් ලෙස මුහුණ දුන් ඉන්දීය නායිකා මිතාලි රාජ් ගේ ජනප්‍රියත්වය වඩාත් ඉහළ ගොස් තිබේ.

පන්දුවට පහරදීම සඳහා ඊළඟට පිටියට පිවිසීමට සූදානම් ව සිටි මිතාලි, ජගත් මාධ්‍යවේදීන්ගේ කැමරා කාචයට අසුවූයේ දැඩි පීඩනයට හමුවේ පවා සන්සුන් ව පොතක් කියවමින් සිටින අතරතුරේදී ය.

පසුව පිටියට පිවිසි ඇය ලෝක වාර්තාවක් ද තැබූ අතර, ඇගේ දස්කම් හේතුවෙන් එංගලන්තය ලකුණු 35කින් පරාජය කිරීමට ද ඉන්දීය පිලට හැකිවිය.

ඇගේ සන්සුන් ගතිපැවතුම් හේතුවෙන් රාජ් සිය රසිකරසිකාවියන් අතර ජනප්‍රිය වී ඇත්තේ ‘කැප්ටන් කූල්’ ලෙසයි.

තරගයට පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මිතාලි පවසා සිටියේ ඇය කියවමින් සිටියේ පර්සියානු කවියෙකු වන රූමි ගේ පොතක් බවයි.

තමා පොත් කියවීමට ඉතා කැමති බවත්, තරගයට පිවිසීමට පෙර සන්සුන් වීමට තමාට එය ඉවහල් වන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සාමාන්‍යයෙන් භාවිතා කරන ඇගේ e-reader උපකරණය ගෙන ඒමට අවසර නොතිබුණු බැවින් මෙම පොත පුහුණුකරුවෙකුගෙන් ඉල්ලාගත් බව ඇය වැඩිදුරටත් පවසා ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top