Jun 27, 2017

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමෙන් ලෝක වාර්තාවක්

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නව එක්දින තරග වාර්තාවක් බිහිකර තිබේ.

ඒ වැඩිම තරග සංඛ්‍යාවක දී ලකුණු 300 සීමාවේ පසුකර ගිය කණ්ඩායම බවට පත්වෙමිනි.

මෙසේ ඉන්දියාව ලකුණු 300 සීමාව පසුකර ගොස් ඇති තරඟ සංඛ්‍යාව 96කි.

ඔවුන් මෙම වාර්තාව බිඳ හෙළුවේ මීට පෙර තරග 95ක දී ලකුණු 300 සීමාව පසුකර ගොස් ඔස්ට්‍රේලියාව පිහිටුවා තිබූ වාර්තාවත් සමඟිනි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ඊයේ (26දා) පැවති තරගයේ දී ලකුණු 310ක් රැස් කරගනිමින් ඉන්දියාව මෙම වාර්තාව පිහිටවනු ලැබ තිබේ.

ලකුණු 300 සීමාව පසු කළ කණ්ඩායම් ලැයිස්තුවේ තුන්වන ස්ථානය තරග සංඛ්‍යාව 77ක් සමඟින් දකුණු අප්‍රිකාව හිමි කරගෙන තිබේ.

තරග 63ක දී එම දස්කම දැක්වූ ශ්‍රී ලංකාව පසුවන්නේ ලයිස්තුවේ පස්වන ස්ථානයේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top