Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jun 28, 2017

සිම්බාබ්වේ සමඟ තරඟ කරන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු එක්දින තරග දෙක සඳහා ක්‍රීඩකයන් 13 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රි ලංකා සංචිතය ඊයේ (27දා) නම් කෙරුණි.

ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමේ නායකත්වය දරන අතර උපනායකයා ලෙස කටයුතු කරන්නේ උපුල් තරංගය.

නවක ක්‍රීඩක වනිදු හසරංග සහ ලහිරු මධුෂංක මෙන්ම අකිල ධනංජය ද මෙම සංචිතයට ඇතුළත්ය.

මාලිංගත් සංචිතයට

ලසිත් මාලිංග ද මෙම සංචිතයට නම් කර තිබෙන නමුත් ඊයේ (27දා) පැවැති විනය පරීක්ෂණයේ අවසන් ප්‍රතිඵලයට අනුව දඩ මුදලක් පැනවීමෙන් පසු මාස 6 ක පරිවාස කාලයකට ද යටත්ව මාලිංගට ක්‍රීඩා කිරීමේ අවසරය ලබා දී ඇති බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.

සිම්බාබ්වේ සහ ඉන්දියානු කණ්ඩායම්වල මෙරට තරඟ සංචාර සදහා ශ්‍රි ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ නික් පෝතස් පත්කරන්නට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා සිම්බාබ්වේ පළමු එක්දින තරගය ලබන සිකුරාදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතය පහතින්

ඇන්ජලෝ මැතිව්ස්
උපුල් තරංග
නිරෝෂන් දික්වැල්ල
ධනුෂ්ක ගුණතිලක
කුසල් මෙන්ඩිස්
අසේල ගුණරත්න
වනිදු හසරන්ග
ලක්ෂාන් සඳකැන්
අකිල ධනංජය
නුවන් ප්‍රදීප්
ලසිත් මාලිංග
දුෂ්මන්ත චමීර
ලහිරු මධුසංක

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top