Jul 02, 2017

ලංකාවට කඩුලු 7ක ජයක් : වනිඳු ලෝක වාර්තා අතරට (Update)

සිම්බාබ්වේ පිල කඩුලු 7කින් ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (02) පරාජය කළ ශ්‍රී ලංකාව නැතිවූ අභිමානය නැවත ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාව සහභාගිවූ පළමු තරගයෙන් සිම්බාබේ වෙතින් කඩුලු 6ක පරාජයක් ලැබීය.

මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිල ලකුණු 155 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අද සමත්වූහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රීලංකා පිල පන්දුවාර 30.1කදී කඩුලු 3ක් දැවී එම ලකුණු ප්‍රමාණය පසුකර යෑමට සමත්විය.

වනිඳුගේ හැට්ට්‍රික්එක

ශ්‍රී ලංකාව වෙනුවෙන් අද එක්දින වරම් හිමිකරගත් වනිඳු හසරංග කඩුලු ත්‍රිත්වයක් දවාගනිමින් සිය මංගල එක්දින තරගයේදීම කඩුලු ත්‍රිත්වයක් දවාගත් ලෝකයේ තුන්වැනි ක්‍රීඩකයා බවට පත්විය.

ඒ අනුව සිම්බාබ්වේ ඉනිමේ අටවැනි, නවවැනි හා දස වැනි කඩුලු තුන පිට පිටම දවා ගැනිමට වනිඳු සමත්වූයේ තරගයේ 34 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කරමිනි.

පළමු කඩුල්ල ලෙස මැල්කම් වෝලර්, දෙවැනි කඩුල්ල ලෙස ඩොනල්ඩ් ට්‍රිරිපානෝ හා තෙවැනි කඩුල්ල ලෙස ටෙන්ඩායි චටාරා වනිඳුගේ පන්දු හමුවේ දැවීගියේය.

වනිඳු තවමත් 19 වැනි වියේ පසුවන යෞනයකුවීම විශේෂ සිද්ධියකි.

දකුණු අප්‍රිකාවේ කාගිසෝ රබාඩා, බංග්ලාදේශයේ තයිජුල් ඉස්ලාම්ට පසුව මංගල එක්දින තරගයේදී කඩුලු ත්‍රිත්ත්වයක් දවාගත් පන්දු යවන්නා වන්නේ වනිඳු හසරංගයි.

සම්පූර්ණ ලකුණු පුවරුව

ZimSL

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top