Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jul 16, 2017

ප්‍රියන්තට පැරාලිම්පික් රිදී පදක්කමක් !

ලන්ඩන් නුවරදී පෙරේදා (14) ආරම්භ වූ ලෝක පැරා මලල ක්‍රීඩා තරඟාවලියේදී ශ්‍රී ලංකාවේ පැරා හෙල්ල විසිකිරීමේ ශූරයා වන දිනේෂ් ප්‍රියන්ත හේරත් ටී46 කාණ්ඩයේ රිදී පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබේ.

 
ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩාංගනයේ පෙරේදා එරට වේලාවෙන් රාත්‍රී 8.20 ට ආරම්භ වූ තරඟයේදී දිනේෂ් ප්‍රියන්ත මීටර් 57.93ක දුරක් හෙල්ල විසි කරමින් රිදී පදක්කමට හිමි කම් කී අතර තරඟයේ රන් පදක්කම ඉන්දියාවේ ගුර්ජාර් සුන්ඩර් සිං ටත් (මීටර්60.36), ලෝකඩ පදක්කම ජපානයේ යමසාකි අකිහිරෝ (මීටර්53.55)ත් හිමි විය.
 
පසුගිය 2016 වසරේ බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නගරයේදී පැවැති  2016 පැරාලිම්පික් තරඟාවලියේදී ද ටී46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ රිදී පදක්කම ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවට පළමු පැරාලිම්පික් පදක්කම අත්කර දුන්නේ දිනේෂ් ප්‍රියන්ත විසිනි.
 
දිනේෂ් ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ හිටපු සෙබළෙකු වන අතර ක්‍රියාන්විතයකදී ඔහුගේ පාදයකට වෙඩි වැදීමෙන් ලත් තුවාල හේතුවෙන් ඔහු ටී46 කාණ්ඩයේ ( ණ හිසෙන් පහල පාදය අප්‍රාණික හෝ අහිමි) වර්ගීකරණය යටතේ මලල ක්‍රීඩා තරඟ වලට එක්විය.
 
දිනේෂ් ගේ පුහුණුකරු ලෙස ජාතික හෙල්ල විසිකිරීමේ පුහුණුකරු වන ප්‍රදීප් නිශාන්ත මහතා කටයුතු කරයි.
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top