15976 BM WEB BANNER 01
Jul 17, 2017

8වැනි වරටත් ෆෙඩරර් ට විම්බ්ල්ඩන් ජයක්

මෙවර විම්බ්ල්ඩන් ටෙනිස් තරගාවලිය ජයගැනීමට ස්විස් ජාතික රොජර් ෆෙඩරර් සමත් වී තිබේ.

ඒ, ක්‍රොඒෂියාවේ Marin Cilic ට එරෙහිව 6-3 6-1 6-4 ලෙස ජයග්‍රහණයක් වාර්තා කරමිනි.

මෙම ජයග්‍රහණයත් සමග විම්බ්ල්ඩන් ටෙනිස් තරගාවලිය අටවරක් ජයගත් පළමු ක්‍රීඩකයා බවට පත්වීමට ඔහු සමත් විය. ඒ අනුව මේ දක්වා ඔහු සතු ග්‍රෑන්ඩ් ස්ලෑම් ජයග්‍රහණ 19ක් දක්වා වැඩිවී තිබේ.

ෆෙඩරර් විසින් අවසන් වරට විම්බ්ල්ඩන් තරගාවලිය ජයග්‍රහණය කර තිබුණේ 2012දී ය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top