Jul 26, 2017

‘ගාලු පිටිය වැහුවේ ක්‍රීඩකයන්ට කරදර නිසා’ Featured

වසර 2012 න් පසුව පළමු වරට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වටා ආවරණයක් යෙදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කර තිබේ.

මෙම පියවර ගැනීමට හේතුවූ කරුණු කාරණා පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් හි ප්‍රධාන විධායක නිලධාරී - ඈෂ්ලි ද සිල්වා මහතා ක්‍රික්ඉන්ෆො වෙබ්අඩවියට අදහස් දක්වා තිබුණේ මෙලෙසිනි.

“තරගයක් අතරතුර වාහන මහාමාර්ගයේ ධාවනය වන ආකාරය සැමට දැකිය හැකියි. එය ක්‍රීඩකයන්ට පීඩාකාරීයි. මේ හේතුවෙන් ගතහැකි හොඳම පියවර මෙය ආවරණය කිරීම බව අපට සිතුනා.”

කෙසේවෙතත් ඔහු වැඩිදුරටත් සනාථ කර තිබුණේ මෙම පියවර ගෙන තිබුණේ කිසිඳු ක්‍රීඩකයෙක් හෝ ප්‍රවේශපත්‍ර මිලට ගෙන තරග නරඹන ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණු පැමිණිලි හේතුවෙන් නොවන බවයි.

ඉහත හේතුවට අමතරව සිල්වා මහතා වැඩිදුරටත් පවසා තිබුණේ නව විකාශන තාක්ෂණයට අවට පවතින ශ්‍රව්‍ය හා දෘෂ්‍ය කලබලකාරී වාතාවරණයෙන් බාධා ඇතිවිය හැකි බවයි. කෙසේ වෙතත්, මෙම තර්කය සෝනි ටෙන් විකාශන ආයතනයේ තාක්ෂණ නිලධාරියෙකු විසින් බිඳහෙලා ඇති බව ක්‍රික්ඉන්ෆො වෙබ්අඩවිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ක්‍රීඩාංගනයේ තරගයක් පවතින අවස්ථාවකදී ඉන් පිටත සිට තරගය නැරඹීමට ඇතැම් පිරිස් පුරුදු වී සිටි අතර, මෙම පියවර ගැනීමෙන් පසුව ඔවුන්ට තරමක් දුරින් පිහිටි ගාලු කොටුවේ සිට හෝ රු. 200 පමණ වූ අවම මුදලක ටිකට්පතක් ලබා ගැනීමට සිදුවේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top