Jul 26, 2017

අසේලට ශෛල්‍යකර්මයක් : තරගාවලියත් අහිමිවෙයි ?

උඩපන්දුවක් රැකගැනීමට යාමේදී වම් අතේ මහපට ඇඟිල්ලේ අස්ථිය බිඳීයාමකට ලක් වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්නට සති 4 කට අධික කාළයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාරු අසංක ගුරුසිංහ මහතා තහවුරු කළේය.

අසේලට අද රාත්‍රියේ ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිත බවත් ගුරුසිංහ කීය.

කෙසේ වෙතත් මේ හේතුවෙන් අසේලට ඉන්දියාව සමග ඉදිරියේදී පැවැත්වෙන සියළුම තරගාවලි අහිමි වීමට බොහෝ දුරට ඉඩ ඇති බවද ක්‍රිකට් අභ්‍යන්තර ආරංචිමාර්ගවලින් වාර්තා වේ.

ආබාධයකට ලක් වූ අසේල ගුණරත්න මේවන විට කොළඹට රැගෙන විත් ඇත.

මෙහිදී අසේළගේ අතේ ආබාධය විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්වීමෙන් අනතුරුව ඉන්දියාව සමග පැවැත්වෙන තරගාවලිය වෙනුවෙන් අසේලගේ සහභාගීත්වය තීරණය කිරීමට නියමිත බව ආරංචි මාර්ග මගින් පැවසේ.

තරගයේ 14 වැනි පන්දුවාරයේදී ශිකර් ධවාන් විසින් ලබා දුන් උඩ පන්දුවක් රැක ගැනීමට යාමේදී අසේල මෙලෙස වම් අතෙහි අස්ථි බිඳීමකට ලක් විය.

කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය පිල පළමුදිනය නිමාවෙද්දී කඩුලු 3ක් දැවී ලකුණු 399ක් ලබා ගත්තේය.

ලකුණු පුවරුව

ශිකාර් ධවාන් 190, චෙටේස්වාර් පුජාරා (නොදැවී) 144, අජින්ක්‍යා රහනේ (නොදැවී) 39

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top