Nov 15, 2016

පළමු තරගයේ ජය සිංහයන්ටයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරඟාවලියේ පළමු තරඟයෙන් කඩුළු 8ක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ සිම්බාබ්වේ හරාරේ හි පැවැති තරඟයේදී සිම්බාබ්වේ කණ්ඩායම සියලුදෙනා දැවී ලබාගත් ලකුණු 154 ශ්‍රී ලංකාව පන්දුවාර 24.3ක් අවසානයේ කඩුළු 2ක් පමණක් දැවී ජය ගැනීමත් සමගය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 78ක් ලබාගත් අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 41ක් ලබාගන්නා ලදී.

මෙම තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව සිම්බාබ්වේ කණ්ඩායමට ලබාදුන්නේය.

කෙසේ වෙතත් සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 41.3දී සියළුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 154ක් පමණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top