15976 BM WEB BANNER 01
Aug 05, 2017

‘නුවන් ප්‍රදීප් අවම සති 2කට නෑ’ (update)

කලවයේ ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා වේගපන්දු යවන නුවන් ප්‍රදීප් අවම දෙසතියකටවත් විවේක ගන්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශ කරයි.

ට්විටර් පණිවිඩයක් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් පවසා තිබුණේ නුවන් ප්‍රදීප් grade 1 Hamstring injury ආබාධයකට ලක්ව තිබෙන බවයි.

මෙම ට්විටර් පණිවිඩය පහත දැක්වේ.

Screen Shot 2017 08 05 at 11.54.34 AM

(අවසන් යාවත්කාලීන කිරීම 12.10 pm)

--------------------------------------------------------------------------------------------------------------------------

‘නුවන් ප්‍රදීප් ට මාසයක් දෙකක් විවෙක ගන්න වෙවි’

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය අතරතුරේදී වම් පාදයේ කලව ආශ්‍රිතව යම් ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩක නුවන් ප්‍රදීප් හට මාසයක් දෙකක් ගතවන තුරු විවේක ගැනීමට සිදුවන බව වාර්තා වේ.

“ඔහුට තව මාසයක් දෙකක් යන තුරු විවේක ගන්න වේවි.” යැයි දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනයට පසුව පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න පවසා තිබුණි.

නුවන් ප්‍රදීප් ඉන්දීය කණ්ඩායමට එරෙහිව ගාල්ලේ පැවැත්වූ පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම තුල ලකුණු 132කට කඩුලු 6ක් දවා ගනිමින්, සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. නමුත් දැනට තිබෙන වාතාවරණය අනුව ඉදිරි තරගවල දී ශ්‍රී ලංකා කණ්ඩායමට ඔහුගේ දායකත්වය ද අහිමි වනු ඇත.

මෙම තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ දී අසේල ගුණරත්න ආබාධයකට ලක්වූ අතර, දිනේෂ් චන්දිමාල් නියුමෝනියාව වැළදීම නිසාවෙන් එම තරගයට සහභාගි වූයේ නැත.

(මූලාශ්‍රය : පපරේ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top