15976 BM WEB BANNER 01
Aug 08, 2017

රුමේෂ් වේගපන්දු ලොක්කා කරයි

හිටපු වේගපන්දු යවන්නෙකු හා දක්ෂ වේගපන්දු පුහුණුකරුවෙකු ලෙස සැලකෙන රුමේෂ් රත්නායක මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන වේගපන්දු පුහුණුකරු ලෙස පත් කර තිබේ. ඔහු ලබන සැප්තැම්බර් 01 දා සිට එම ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තාවේ.

කෙසේ වුවද මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වේගපන්දු පුහුණුකරුවන් ලෙස සය දෙනෙකු බඳවා ගෙන තිබේ.

එම පිරිස අතරට චමින්ද වාස් හා රවීන්ද්‍ර පුෂ්පකුමාර ද ඇතුළත්ව සිටිති.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top