Aug 16, 2017

ගුරා බිල්ලට Featured

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පසුගිය සමයේ පිටපිට ලැබූ පරාජයන් හා කණ්ඩායමේ ක්‍රීඩකයන් අතර ඇති වූ අභ්‍යන්තර ආරවුල් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු ලෙස කටයුතු කළ අසංක ගුරුසිංහ මහතා ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීන් තීරණය කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තා වේ.

මේ තීරණයට එළැඹ ඇත්තේ ඊයේ (15) රාත්‍රියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීන් හා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අතර පැවති සාකච්ඡාවකින් පසුවය.

ගුරුසිංහ කණ්ඩායම තුළ ඉඩී අමීන් ලෙස කටයුතු කරන බව වත්මන් ක්‍රීඩකයන් ක්‍රීඩා අමාත්‍යවරයාට පැමිණිලි කර තිබිණි.

වසර 1996 ලෝක කුසලාන ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි අංක 3 පිතිකරුවා අසංක ගුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිකට් කළමණාකරු ලෙස මේ වසරේ මාර්තු මාසයේ සිට වැඩ බාරගත්තේය.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ඔහු ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගොස් සිටි අතර, ඔහු එරට පුවත්පතක ප්‍රවර්ධන කළමනාකරුවෙකු ලෙස කටයුතු කරමින් සිටි අතර, ඔහු ලංකාවට පැමිණියේ සිය මව රෝගාතුරව සිටින බැවින් ඇය බලාගැනීමට බවද ඉතා විශ්වාසකටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top