15976 BM WEB BANNER 01
Aug 22, 2017

ලංකාව 2කට වඩා පැරදුනොත් 9යේ Featured

ක්‍රියාත්මක ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග හතරෙන් ශ්‍රී ලංකා පිල තරග දෙකකට වඩා පරාජයට පත්වුවහොත් ශ්‍රේණිගත කිරීම්වලින් 09 වැනි ස්ථානය දක්වා පහත වැටීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ.

ඒ ලබන 25 වැනිදා ආරම්භ වන බටහිර ඉන්දීය කොදෙව් හා එංගලන්තය අතර තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ සියලු තරග කොදෙව්වන් ජයගතහොත් ඔවුන් 08 වැනි ස්ථානයට පත්වන බැවිනි.

ලංකාවට 09 වැනි ස්ථානයට වැටීමේ අවදානමෙන් ගොඩඒමට නම් අනිවාර්යයෙන්ම ඉන්දිය පිලට එරෙහිව තරග දෙකක් ජයගැනීමට සිදුව තිබේ.

මේවන විට ලංකාව 08 වැනි ස්ථානයේත්, කොදෙව්වන් 09 වැනි ස්ථානයේත් පිළිවලින් ලකුණු 88ක් හා 78 ලබා ගනිමින් රැදී සිටී.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දෙවැනි එක්දින තරගය ලබන 24 වැනිදා පල්ලෙකැළේ ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

මේ තත්ත්වය පහත වගුවෙන් වඩාත් පැහැදිළිකර ගත හැකිවේ.

Screen Shot 2017 08 22 at 7.37.27 AM
Doc @ Inbox

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top