Aug 24, 2017

''මේක වාසනාව අපේ පැත්තේ නැති කාලයක්'' Featured

පළමු තරගය පැරදුණත්, දඹුල්ලේදී ප්‍රේක්‍ෂකයන් තමන්ට විශාල සහයෝගයක් ලබාදුන් බවත්, සිය කණ්ඩායමේ ක්‍රීඩකයන් තරගයකට පිවිසෙන්නේ ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් බව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක උපුල් තරංග පැවසීය.

ඔහු මේ බව පවසා සිටියේ, පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ (23දා) පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙම තරගාවලිය 2019 ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ සහභාගිත්වයට සෘජු බලපෑමක් සිදුකරන තරගයකි යන්න පිළිබද අදහස් දක්වමින් උපුල් තරංග මෙසේ පවසා සිටියේය.

“ශ්‍රේණිගත කිරීම් අනුව අපි ඉන්නේ ලෝක කුසලානයට සුදුසුකම් ලබයිද, නැද්ද කියන තත්ත්වයක. නමුත් ගොඩාක් ඉදිරිය ගැන හිතන්නෙ නැහැ. කණ්ඩායමක් විදිහට තරගයෙන් තරගය තමයි ක්‍රීඩා කරන්නේ. 2019 ලෝක කුසලානයට සුදුසුකම් ලබන්න නම්, මෙම තරගාවලියේ තරග 02ක් අපි ජයගත යුතුයි. ඒ සියලුම දේවල් අපේ ක්‍රීඩකයන්ගේ හිත් තුළ තිබෙනවා.

අපි මේ වනවිට හොඳ තත්ත්වයක නෙමෙයි ඉන්නේ. ගොඩාක් වෙලාවට අපි කරන දේවලුත් හරියන්නේ නැති වෙලාවල් තිබෙනවා. ඒ වගේම මෙය වාසනාවත් අපේ පැත්තේ නැති කාලයක්"

 ලසිත් මාලිංග

“ලසිත් මීට අවුරුදු තුන හතරකට කලින් හිටියට වඩා ඔහුගේ දක්‍ෂතා අඩුවෙලා තිබෙනවා. ඒක ලෝකේ ඉන්න ඕනෑම ක්‍රීඩකයෙක්ට සිදුවෙන්න පුළුවන්. ඔහු එක්දින තරගවලට පැමිණියේ මාස 18ක් 20ක් වගේ ක්‍රීඩා නොකර ඉඳලා. නමුත් ඔහු වගේ ක්‍රීඩකයෙක් කණ්ඩායමේ ඉන්න එක අනිත් පන්දු යවන්නන්ට වටිනා දෙයක්. ඔහුගෙන් ගන්න පුළුවන් දේවල් බොහෝයි. අපිට වේගපන්දු යවන්නන් ගොඩක් ඉන්නේ අලුත් අය''

තරග ජයග්‍රහණය සඳහා ප්‍රේක්‍ෂකයන්ගෙන් ලැබෙන සහාය ඉතාම වටිනා බවත් ප්‍රෙක්ෂකයන් ඉදිරියේදී ඒ සදහා නොඅඩුව සහාය දක්වාවි යැයි බලාපොරොත්තු වන බවත් ඔහු පවසා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top