Aug 31, 2017

කපූට විනය පරීක්ෂණයක් ! Featured

ඉන්දියාව සමඟ තෙවැනි එක්දින තරගයට නායකත්වය දුන් චාමර කපුගෙදරට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විනය පරීක්ෂණයක් පැවැත්වීමට සූදානම්වන බව වාර්තා වේ.

ඒ චාමර සිය කොන්දේ ආබාධය සැඟවීම හා තෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගතහොත් මුලින්ම පන්දුවට පහරදීමදීම ඉන්දීය පිලට පැවරීමට කණ්ඩායම් පුහුණුකරුවන් ඇතුළු කණ්ඩායම් කළමනාකාරිත්වය තීරණය කර තිබියදී එම තීන්දුවට පිටින් යමින් කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකාව පන්දුවට පහරදීම යන කාරණා හේතුවෙනි.

කාසියේ වාසිය සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම හෙළිකරනු ලැබුවේ ශ්‍රී ලංකා මිරර් අප විසිනි.

කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී අද (31) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා-ඉන්දියා සිවුවැනි එක්දින තරගය සඳහා චාමර කපුගෙදර ක්‍රීඩා නොකරනු ඇතැයි මේ අතර වාර්තා වේ..

ඒ අනුව අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය බොහෝ දුරට ලසිත් මාලිංගට හිමිවනු ඇතැයිද සඳහන් වේ.

දෙරට අතර මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින තරගයේදී නියමිත කාල වේලාවට අනුව පන්දු වාර සංඛ්‍යාව නොයැවීමේ වරදට ලක්වූ උපුල් තරංගට මෙයට පෙර තරග දෙකක තහනමකට යටත් වීමට සිදුව තිබූ අතර, මේ හේතුවෙන් තෙවැනි තරගයේ නායකත්වය චාමර කපුගෙදරට හිමි විය.

සබැඳි පුවත්
තුන්වැනි තරග පැරදුනේ කපූගේ අත්වැරැද්දකින් !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top