Sep 01, 2017

ආයෙත් ටෙස්ට් ගහන්න කැමතියි - ගේල්

තමා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට ප්‍රථමයෙන් යළිත් ටෙස්ට් ක්‍රිකට් තරගයකට සහභාගී වීමට කැමැත්තෙන් පසුවන බව බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු ක්‍රිස් ගේල් පවසයි.

ඔහු මේ බව පවසා තිබුණේ බීබීසී සේවයට අයත්  5 live Sport වෙතට අදහස් දක්වමිනි.

යළිත් බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් පිලට එක්වීම සඳහා කළ යුත්තේ කුමක් දැයි හිටපු එංගලන්ත ක්‍රිකට් නායක මයිකල් වෝගන් මෙහිදී අසා සිටි අවස්ථාවේදී ගේල් විනෝදකාමීව පවසන්නේ “මා සූදානම් යැයි පැවසීම පමණයි,” යන්නය.
 
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රතිපත්තියක් අනුව ක්‍රීඩකයෙකුට අන්තර්ජාතික ක්‍රීඩා සඳහා සහභාගී විය හැක්කේ ඒ තරග ක්‍රමවේදයට (format) අයත් දේශීය ක්‍රීඩා වලට සහභාගී වුවහොත් පමණි.

කෙසේවෙතත්, තාවකාලික ක්ෂමාවක් මත එංගලන්තයට එරෙහිව පැවත්වෙන එක්දින තරගාවලියට සහභාගී වීමට ගේල් ට ඉඩලබාදීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය මේ වන විට තීරණය කර තිබේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top