Nov 19, 2016

මහේල මුම්බායි ඉන්දියන්ස් ප්‍රධාන පුහුණුකරුධුරයට

ඉන්දීය ප්‍රමුඛ ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන පත්කොට ඇතැයි වාර්තා වේ.

ඒ අනුව 2017 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේදි මහේල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කරයි.

ඔහුගේ පත්වීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි ක්‍රිකඩ් ක්‍රිඩක රිකී පොන්ටින්ට පුහුණුකරු තනතුර අහිමිව තිබේ.

මහේලව කණ්ඩායමට බදවාගත් බව මුම්බායි ඉන්දියන්ස් කණඩායම අද නිවේදනය කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top