15976 BM WEB BANNER 01
Sep 22, 2017

උතුරේ අනීතාගෙන් යළිත් ශ්‍රී ලංකා වාර්තාවක්

උතුරු පළාත නියෝජනය කළ අනීතා ජෙගදීස්වරන් යළිත් සිය ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට අද (22දා) සමත් වුණි.

ඒ කාන්තා රිටි පැනීමේ තරගයෙනි.

අනීතා ජෙගදීස්වරන්  රිටි පැනීමේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කළ සිවුවන අවස්ථාව මෙයය.

මාතර - කොටවිල ක්‍රීඩාංගණයේ අද (22දා)  ආරම්භ වූ 43 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී මෙම වාර්තාව අලුත් කිරිමට ඇය සමත් වූවාය.

ඇය දැක් වූ දක්ෂතාව මීටර් 3 යි  දශම 4 යි 8කි.

ඡායා- නෙත් නිවුස්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top