Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Sep 24, 2017

පාසල් ක්‍රිකට් සංගමයේ ඩබල් ගේම් Featured

පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන් මේවන විට ද්විත්ව රංගනයක නිරතව සිටින බව වාර්තා වේ.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මාසික දීමනා ද ලබාගෙන ක්‍රිකට් ආයතනයෙන් පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට විශාල ලෙස උදව් ද ලබාගෙන සිටියදී අධ්‍යාපන අමාත්‍යවරයා පසුපසගොස් ක්‍රිකට් ආයතනයෙන් කිසිවක් නොලැබෙන බව කියමින් ඔහුගෙන්ද වාසි ලබා ගැනීමට උත්සාහ කිරීම නිසාය.

පසුගියදා අධ්‍යාපන අමාත්‍යවරයා හමුවූ ඔවුන් වැඩිපුරම ඉල්ලා ඇත්තේ කනිෂ්ඨ තේරීම් කමිටුවට පාසල් නිලධාරීන් දෙදෙනෙකුට අවස්ථාව ලබාගැනීම හා වයස් කාණ්ඩයටතේ වෙනම සංචිත පිහිටුවා විදෙස් සංචාර ලබා ගැනීම සම්බන්ධව බවද පැවසේ.

මේවන විට පාසල් ක්‍රිකට් සංගමයේ විධායක සභාවේ නිලධාරීන් රාජකාරී නිවාඩුද ලබා ගනිමින් තම අධ්‍යාපන අමාත්‍යංශ වැටුපට අමතරව රුපියල්45,000/- ක දීමනාවක් හා සෑම විධායක කමිටු රැස්වීමකටම ප්‍රවාහන දීමනාවක්ද ලබාගනිමින් සිටින බව පැවසේ.

මෙය අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍ර ලේඛ උල්ලංඝනය කිරීමක් බව වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top