15976 BM WEB BANNER 01
Sep 27, 2017

ක්‍රිකට් ‘රෙඩ් කාඩ්’ හෙට සිට

ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනස්කම් රැසක් හෙට (28) දිනයේ සිට ක්‍රියාවට නැංවීමට නියමිත බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි.

ක්‍රිකට් පිත්තේ ප්‍රමාණය, ක්‍රීඩකයන් නොහික්මුනු ආකාරයට හැසිරුනහොත් පාපන්දු ක්‍රීඩාවේ ‘රෙඩ් කාඩ්’ භාවිතයට සමාන ලෙස පිටියෙන් යැවීමට කටයුතු කිරීම හා DRS ක්‍රමවේදයේ වෙනස්කම් ඇතුළු නව නීතිරීති රැසක් මෙලෙස ක්‍රියාවට නැංවීමට නියමිතය.

මෙම නව නීති රීති ද.අප්‍රිකා - බංගලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් හා එක්සත් අරාබි එමිරේට්ස් වල පැවැත්වෙන ශ්‍රී ලංකා - පකිස්තානු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් ඇරඹෙනු ඇත.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරහමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාන්‍යාධිකාරී Geoff Allardyce මහතා පවසා තිබුණේ මෙම වෙනස්කම් පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබාදීමට තරග විනිසුරුන් හට වැඩමුළුවක් පැවැත්වූ බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top