nsb

Nov 23, 2016

FB වීඩියෝවක් නිසා ක්‍රිකට් ක්‍රීඩකයින් දඩකයි

ෆේස්බුක් වෙත එක්කළ වීඩියෝවක් හේතුවෙන් හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකු වන ෂේන් වෝන්, මයිකල් ස්ලේටර් හා එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක කෙවින් පීටර්සන් අකරතැබ්බයකට මුහුණපා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෝටර් රථයක ගමන් කරමින් සිටියදී ගෙන තිබුණු මෙම වීඩියෝවෙන් හෙළිදරව් වී තිබුනේ ඔවුන් තිදෙනාම ආසන පටි දමා නැති බවයි.

මෙම වීඩියෝව අන්තර්ජාලයට මුදාහැරීමත් සමග ටැස්මේනියානු පොලිසිය විසින් ඔවුන්ට ඕස්ට්‍රේලියානු ඩොලර් 300ක දඩයක් නියම කර තිබුණි.

ඕස්ට්‍රේලියාවේ හිටපු නායක මාක් ටේලර් මෙම වාහනය විසින් ධාවනය කර තිබුණු අතර, ඔහුත්, ඔහුත් එරට හිටපු කඩුළු රකින ක්‍රීඩක ඉයන් හීලි ත් ආසන පටි දමා සිට ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top