Nov 24, 2016

ලකුණකින් ජය ලැබු ලංකාව අවසන් තරගයට තේරෙයි

සිම්බාබ්වෙහි තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (23) සමත් විය.

ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරගය එක් ලකුණකින් ජය ගැනීමත් සමගය.

තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදුන්නේය.

ඒ අනුව ඔවුන් කඩුලු 7ක් දැවී ලකුණු 330ක් ලබාගැනීමට සමත් වුණි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් ලකුණු 94 බැගින් ලබාගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 329ක් පමණි.

එම ඉනිම වෙනුවෙන් එවින් ලුවිස් ලකුණු 148ක් ලබාගැනීමට සමත් විය.

ඒ අනුව හෙට(25) දිනයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම සමග ලබන 27 වන දින අවසන් තරගයට සහභාගී වනු ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top