Oct 26, 2017

මාධ්‍යවේදිනියට ලිංගික බලපෑම් කළේ මාධ්‍යවේදියෙක් - SLC

පාකිස්තාන මාධ්‍යවේදිනියට ලිංගික බලපෑම් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකු හෝ එහි සේවකයෙකු නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ශ්‍රී ලංකා පාකිස්තාන තරගාවලියට එක්ව සිටින පුද්ගලික මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියෙක් එසේ බලපෑම් එලල් කර ඇති බවද ක්‍රිකට් ආයතනය ඊයේ (26දා) නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  පැවැත්වෙන ශ්‍රී ලංකා - පාකිස්තාන ක්‍රිකට් තරගාවලිය ආවරණය කරන පාකිස්නාන මාධ්‍යවේදිනියකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් ලිංගික බලපෑම් කළ බවට ඇය සිය ට්විටර් ගිණුම හරහ ප්‍රකාශ කර තිබිණි.

එසේම ඒ සම්බන්ධයෙන් වූ සංවාදයේ  පිටපත්ද ඇය ප්‍රසිද්ධ කරුනු ලැබුවාය.

මේ පිළිබඳ පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇති අතර ඒ පිළිබඳව කළ විමර්ශනයකින් අනතුරුව හෙළිව ඇත්තේ පුද්ගලික මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියෙක් මෙම සිදුවීමට සම්බන්ධ වී ඇති බවයි.

 

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top